සෙලමට් ඩටාන් (Ayubowan)

සිංගප්පූරුවේ අපේ පන්සල – ශ්‍රී ලංකාරාමය
“Next Station……..Boon Keng”

ඒ අප ගමන් කරන MRT දුම්රියෙන් ඊළඟ නැවතුම දැනුම් දෙන නිවේදනයයි!

“ඔන්න ඉස්සරහින් බහින්න ඕනෙ”

“Boon Keng MRT Station එකෙන් එළියට ආපුවහම තියෙන්නෙ Serangoon Road එකනෙ. ඒක oneway පාරක්. වාහන යන පැත්තට විනාඩි 5ක් විතර ඇවිදගෙන ගියහම වම් පැත්තට තියෙනව St. Micheal’s Road එක. පන්සල තියෙන්නෙ ඔය St. Micheal’s Road එකේ ටික දුරක් ගියහම දකුණු පැත්තෙ”

කට්ටියත් එක්ක දැන් මේ යන්නේ සිංගප්පූරුවේ ලාංකීය අපගේ පන්සල වන ශ්‍රී ලංකාරාමය වෙතටය. ලංකාවේදී නම් සෑම පෝයක්ම නිවාඩු වුවත් සිංගප්පූරුවේදී පෝය නිවාඩුවක් ලෙසට ලැබෙන්නේ වෙසක් පෝය පමණි. නමුත් මෙහි වසන ශ්‍රී ලාංකීයයන් බොහෝ දෙනෙක් ඉරිදා නිවාඩු දින පන්සලට පැමිණ මොහොතක් හෝ ගත කිරීමට පුරුදුව සිටින්නේ හිත මිතුරන් හමුවී ටික වේලාවක් දොඩමළු වී සිටීමටත් ඉරිදා පන්සලේදී පැවැත්වෙන පුණ්‍යකර්මයට සහභාගී වීමටත් අවස්ථාව සැලසෙන බැවිනි.

වහලක් මත තනා ඇති ඝණ්ඨාකාර චෛත්‍යය

Boon Keng MRT නැවතුමේ සිට විනාඩි 10ක පමණ පාගමනකින් පසු ශ්‍රී ලංකාරාමයට පැමිණීමට අපට හැකිවිය. චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, පිළිමගෙයකින්, පොහොය ගෙයකින් සමන්විත මේ විහාරය අංග සම්පූර්ණ විහාරයකි. ඉතා දැකුම්කළු සැතපෙන පිළිමයකින් සහ වහලක් මත තනා ඇති ඝණ්ඨාකාර චෛත්‍යය සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ ඇති විශේෂත්වය ඉස්මතු කරන බවක් මෙහි පැමිණෙන අයට හැඟී යනු ඇත.

ලෝකෙ ලොකුම දූරියන් ගෙඩිය – !!!
දන්නවද?? ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි තියෙන්නෙ සිංගප්පූරුවෙ.මේ දූරියන් කොච්චර ලොකුද කියනවනම් අර එකමත් එක රටක තොවිලයක් නටාපු ලබ්බටත් වඩා මේ දූරියන් ලොකුයි.  දූරියන් ගෙඩි ඔච්චර ලොකුනම් ඒවයෙ ගඳ කොහොම ඇද්ද?  ඒක ඇතුලෙ නටනවා තියා ඒකට කිට්ටු වෙන්නවත් පුළුවන් වෙයිද? වාසනාවකට වගේ  මේ දූරියන් ගෙඩි ලොකු වුණාට ගඳනම් නෑ.

සිංගප්පූරුවේ “දූරියන් ගෙඩිය” (The Durian) කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නෙ මරිනා බොක්කේ (Marina Bay) තියෙන රංගපීඨ සංකීර්ණය. මේ ගොඩනැගිලි වල වහලය හදල තියෙන්නෙ දූරියන් ගෙඩියක පොත්ත සිහිගන්වන කටු කටු ආකාරයට . මේවා රංගපීඨ හින්දා  මේ දූරියන් ගෙඩි ඇතුලෙ තොවිල් විතරක් නෙවෙයි වෙන වෙන නැටුමුත් නටන්න පුළුවන්.

මේ තියෙන්නෙ ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි

කටු කටු වහලය

අර කටින් වතුර  විදින හෙණ ගහපු සිංහයා ඉන්නෙත් මේ කිට්ටුවමයි. කතාවක් තියෙනවා ඒ සිංහයා නොනවත්වාම වමනෙ කරන්නෙ දූරියන් වල ගඳට කියලා.

දූරියන් දිහා බලාගෙන වමනෙ දාන සිංහයා

මේ දූරියන් විතරක් නෙවෙයි ඇත්ත දූරියනුත් සිංගප්පූරුවෙ හරිම ප්‍රසිද්ධයි. සිංගප්පූරු ආහාර සංස්කෘතියට දූරියන් කොච්චර බද්ධ වෙලා තියෙනවද කියනවනම් දූරියන් නැති සිංගප්පූරුවක් හරියට අර පරිප්පු නැති හෝටලයක් වගේ වෙයි.   D24,D25 etc… වැනි විවිධ නම් වලින් හඳුන්වන එකිනෙකට වෙනස් රස වලින් යුත් දූරියන් වර්ග රාශියක්ම සිංගප්පූරුවේ තියෙනවා. විශාල ගොඩවල් ගහලා විවිධ වර්ග වල දූරියන් විකුණන තැන් සිංගප්පූරුවෙ හරිම සුලභයි. ඒ තැන් වලම වාඩිවෙලා දූරියන් කන්න මේස පුටු එහෙමත් සකස් කරලා තියෙනවා. සිංගප්පූරු ජාතිකයො පවුල් පිටින් දූරියන් විකුණන තැන්වලට ගිහින් එතනදිම ඒවා රසවිඳිනවා. විකුණන තැන්වලම ඉඳගෙන දූරියන් කන්න පහසුකම් සලස්වා තිබීමට හේතුවක් තියෙනවා. ඒ තමයි පොදු ප්‍රවාහන සේවා වල දූරියන් රැගෙන යාමට ඇති තහනම.

දූරියන් වෙළඳසැලක්

පොදු ප්‍රවාහන සේවා වල දූරියන් ගෙනිච්චොත්

මාසයක් දූරියන් කන මුදල දඩ ගෙවන්න වෙයි

ගෙඩි දූරියන් විතරක් නෙවෙයි පැකට් කරපු දූරියන් මදුලු, දූරියන් බිස්කට්, දූරියන් අයිස්ක්‍රීම්, දූරියන් බීම, වේලපු දූරියන්, දූරියන් ජෑම් වගේ දූරියන් ආශ්‍රිත නිෂ්පාදන රාශියක්ම  වෙළඳපොලේ තියෙනවා.  සිංගප්පූරුවට ආවොත් දූරියන් රස විඳින්න වගේම ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි බලන්නත් යන්න අමතක කරන්න එපා

- ලිවුවේ මකර අධිරාජයා -

Clarke Quay ගිහින් තුර්කි අයිස් ක්‍රීම් කමු!
මෙන්න Turkish Ice Cream!

මුදුනින් ලණුවක් වැනි දෙයක් එල්ලෙන උස් වටකුරු රතු පැහැති තොප්පියත්, රන්වන් පාටින් වැඩ දමන ලද අත් නැති කබායත් නිසා ඔහුගෙන් දිස්වන්නේ  යුරෝපයේ බෝල්ටික් ප්‍රදේශයේ වැසියෙකුගේ විලාශයයි. ඔහු ඉදිරියේ ඇති භාජන කීපයක සාම්ප්‍රදායික තුර්කි ක්‍රමයට නිපදවූ අයිස් ක්‍රීම් වර්ග කීපයක් ඇත. ඉදිරියෙන් ඇස්මට්ටමට ඉහළින් එල්ලෙන යුරෝපයේ කිරිදෙනුන්ගේ බෙල්ලේ පළඳින ඝාණ්ඨා කීපයක්ද වේ.

මමත් මාගේ මිතුරනුත් දැන් මේ පැමිණ සිටින්නේ ලෝකයේම ප්‍රසිද්ධ සිංගප්පූරුවේ Clarke Quay නැමති ප්‍රදේශයටයි. එළිමහන් ප්‍රදේශයේ පෙළින් පෙළට ඉතා උස්ව පුළුල්ව තනා ඇති වීදුරු ආවරණ එක වරම සිහිගන්වන්නේ දැවැන්ත කුඩ පේළියකි. රාත්‍රියේදී නෙක වර්ණ විදුළි ආලෝකයන්ගෙන් වර්ණවත් වූ විට මෙම ප්‍රදේශය දුටු දුටුවන් සිත් වශී කරගන්නා මනස්කාන්ත දර්ශනයක් මවා පායි. ඉතා මිලාධික ආපන ශාලා, රාත්‍රී සමාජශාලා, පාර දෙපස නොයෙකුත් විසිතුරු භාණ්ඩ විකිණීමට තබා ඇති සල්පිල් රාශියකින් සමන්විත මෙම ප්‍රදේශය සතියේ කිනම් දිනක වුවත් රාත්‍රියට දෙස් විදෙස් සංචරකයින්ගෙන් පිරී ඉතිරී යන්නේ මේ මනස්කාන්ත බව මොනවට පැහැදිලි කරමිනි.  ලූෂන් බුලත්සිංහල ශූරීන්ගේ “තරාවෝ ඉගිලෙති” වේදිකා නාට්‍යයේ එන “සෝබාව දේ” නම් ගීතය මෙම ප්‍රදේශයට කොතරම් ගැලපේද යත් ඉස්මතු කර පෙන්වීමට ඉතා කුඩා වෙනසක්වත් නොමැති තරම්ය.

විදුලි ආලෝකයෙන් හැඩ වුන දැවැන්ත කුඩ පේළියේ අවසානයට වන්නට පිහිටා ඇති මෙම කඩයේ අළෙවි වන්නේ සාම්ප්‍රදායික් තුර්කි ක්‍රමයට නිපදවූ අයිස් ක්‍රීම්ය. කුඩා ළමයෙක් පැමිණ සාම්ප්‍රදායික ලෙස හැඳ පැළඳගත් මේ වෙළෙන්දාගෙන් අයිස් ක්‍රීම් මිළදී ගන්නට සැරසෙයි. වෙළෙන්දා ඔහුට අයිස්ක්‍රීම් දීමට පෙර කවට කමක් කරයි. පිරිස ඉදිරියේ ළමයා සබකෝළයෙන් ඇඹරෙයි. වෙළෙන්දා තව දුරටත් ළමයා අපහසුතාවයට පත් නොකර ඔහුගේ අයිස්ක්‍රීම් එක දී පිටත් කරයි. ඊළඟට පැමිණෙන්නේ තරුණියකි. ඇය මිළදීගත් අයිස්ක්‍රීම් එක දීමට පෙර ඇයට කරන්නේ වෙනත් කවටකමකි. එය අවසාන වන්නේ ඉදිරියෙන් එල්ලා ඇති ඝාණ්ඨා කීපයක්ද නාද කිරීමෙනි.  අයිස්ක්‍රීම් මිළදීගත්තත් නොගත්තත් වෙළෙන්දා කරන කවටකම් බලාසිටීම වුවත් ප්‍රමාණවත් සෙයක් පෙන්නුම් කරමින් පිරිස මේ වෙළඳසල ඉදිරිපිට රැස්කති.

බොහෝ වේලාවක් තුර්කි අයිස් ක්‍රීම් කාරයාගේ කවටකම් නැරඹූ අප ආපසු නිවෙස් වෙත යාම සඳහා සෙමෙන් සෙමෙන් Clarke Quay MRT නැවතුම වෙත පිය මැන්නෙමු.

Merlionට අකුණක් ගහල!
කටින් වතුර විදින Merlion

“උඹ කොහෙද ඉන්නෙ?” ඒ මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක් වන වර්ණකයි.

අපි දෙදෙනා කතා කරගෙන තිබුණේ උදේ 9ට  Raffles Place  නම් MRT නැවතුමේදි මුණගැසීමටය. නමුත් ඒවන විටත් වේලාව 9:10ට පමණ වී තිබුණි. සතියට දින 5 1/2ක් රැකියා ස්ථානයට වාර්තා කළ යුතු අපට ඉරිදා යනු  ඇති එකම නිවාඩු දිනය විය. එදිනත් උදෑසන අවදිවීම යනු ඉතාමත් අපහසු කාර්යයකි. සිංගප්පූරුවේ සිටින මාගේ මිතුරා මුණගැසීම සඳහා Pasir Ris වල පිහිටි අපේ තට්ටු නිවාසයෙන් පිටවන විටත් 8:45 පමණ වූයේ මේ නිසාය.

“දැන් ඉන්නෙ Eunos වල තව විනාඩි 10න් එනව. මේ…. උඹ ඉන්නෙ City Hallද  Raffles Placeද?”

“Raffles Place”

“හරි හරි. අපි දැන් කොහෙද යන්නෙ අද?”

“සිංහය බලන්න යමු!”

“සිංහයෝ ඉන්නෙ zoo එකෙනෙ බං. Zoo එක තියෙන්නෙ  Raffles Place නෙමෙයිනෙ!”

“ඇත්ත සිංහයො නෙමෙයි බං….. අර කටින් වතුර විදින සිංහය!”

අප දෙදෙනා විසින් මේ කතා කරන්නේ මුළු ලෝකය පුරාම සිංගප්පූරුවේ සංකේතය වශයෙන් සැලකෙන “කටින් වතුර විදින” ශරීරයේ උඩ කොටස සිංහයෙකුගේ හැඩයත් පහල කොටස දිය කිඳුරෙකුගේ හැඩයත් ඇති Merlion ගැනය. සිංගප්පූරුව තුළ Merlion ප්‍රතිමා 5ක් පමණ විවිධ තැන්වල දකින්නට ඇති අතර ඉන් වඩාත්ම ප්‍රසිද්ධ Marina Bay හි Merlion Park යනුවෙන් හැඳින්වෙන තැන පිහිටි ප්‍රතිමා 2 සහ  Sentosa දිවයිනේ ඇති විශාල ප්‍රතිමාවයි.

මේ අපූරු සත්ත්වයා සිංගප්පූරුවේ ජාතික සංකේතය බවට පත්වීම පසු පස ඇත්තේ රසවත් පුරාවෘත්තයකි.

අතීතයේදි ජාවා ජාතිකයින් ජීවත්වූ ධීවර ගම්මානයක්ව පැවති නූතන සිංගප්පූරු දිවයින  ජාවා භාෂාවෙන් “මුහුදු ගම්මානය” යන තේරුම රැගත් Temasek යන නමෙන් හැඳින්විණි. පසුව මැලේ ජාතික රාජ කුමාරයෙක් විසින් 14 වන සියවසේදී “සිංහපුර” යන අර්ථය ඇති  Singapura නමින් නගරයක් ඉදිකර පාලනය කරන්නට යෙදුණි.  විජය කුමාරයා ලංකාවට පැමිණි වේලාවේදී වෙරළ මත තැබූ අත තඹ පැහැවීම නිසා “තම්බපණ්ණි” යනුවෙන් නම් කල ආකාරයටම මෙම කුමාරයා මේ දිවයිනට ගොඩබට අවස්ථාවේදී සිංහයෙකු බඳු සත්ත්වයෙක් දුටු නිසා “සිංහපුර” යනුවෙන් නම් කල බව ඉතිහාස කතා සඳහන් කරයි.

පුරාතන මුහුදු ගම්මානය සංකේතවත් කිරිමට කිඳුරු ශරීරයත්, සිංහපුරය සංකේතවත් කිරීමට සිංහ හිසත් යොදා Fraser Brunner නැමැත්තා විසින් මේ Merlion සංකේතය නිර්මානය කර ඇත. ඒ 1964දී පමණය.  සිංගප්පූරුවට පැමිණෙන සියළු දෙනාම  Merlion පසුබිමේ සිටින පරිදි ඡායාරූපයක් ගැනීමට පෙළඹීමෙන්ම Merlion සිංගප්පූරුවට කොතරම් වටිනා සංකේතයක්ද යන වග අවබෝධ කරගත හැක.

Marina Bayහි පිහිටි Merlion බැලීමට අප දෙදෙනා මේ යන්නේ ඉතා විශේෂ දවසක බව කිසිම ලෙසකත් අප දැන සිටියේ නැත. ඡායාරූප වලින් දැක ඇති කටින් වතුර විදින මේ අපූරු පිළිමය පිළිබඳව මට මවාගත හැකිවූයේ ඡායාවක් පමණක් විය. කතාකරගත් පරිදි Raffles Place MRT නැවතුමේදී මුණගැසුණ අපි “H” දොරටුවෙන් පිටවී Merlion Park වෙත ඇවිද ගියෙමු.

නමුත් Merlion වෙත ලංවන විට දුටුවේ වතුර විදින සිංහයා වෙනුවට ආවරණය කරන ලද සිංහයෙකි. කුමක් වී ඇත්ද? දෙදෙනාටම ප්‍රශ්නයකි. ; එතැන සිටි අයෙකුගෙන් විමසුවෙමු.

“ඇයි Yahoo වල දැක්කෙ නැද්ද? ඊයෙ හවස Merlionට අකුණක් ගහල!”

Ceylonese ටැක්සි රියැදුරා
ඉරිදා දිනක් වූ එදිනත් රැකියාව යෑමට සිදුවී තිබීම නිසා උදේම ඇතිවුයේ ඉතා උදාසීන හැඟීමකි. මහල් නිවාසයෙන් එලියට බසින විට උදේ 7:30 පමණ වී ඇති නිසා 8 වීමට පෙර රැකියා ස්ථානයට යෑමට ඇති එකම විසඳුම කුළී රථයක් ගැනීම පමණි.

බස් නැවතුම්පළට පැමිණි ප්‍රථම කුළී රථයටම අත දැමූ මම හනික ඉදිරිපස අසුනට ගොඩවී ආසන පටිය තද කරගෙන කාර්යාලය ඇති ස්ථානය පැවසුවෙමි.

“අද ඉරිද වෙලත් වැඩට යනවද?” කට හඬ අවදි කල ටැක්සි රියැදුරා

“ඔව්. සමහර දවස්වලට යන්න වෙනව”.

“පිටරටින් වැඩ කරන්න ඇවිත් ඉන්න ඕගොල්ලන්ට නිවාඩු දවස් වලත් වැඩ කරන එක තමයි හොඳ! නැත්නම් නිවාඩු දවසෙ පොඩ්ඩකට එලියට බැස්සත් කොච්චරක් වියදම් වෙනවද බලන්න.”

“ඔව්, ඒක නම් ඇත්ත!”

“ඔයා ලංකාවෙන් නේද?”

එකවරම ඔහු ඇසූ දෙය මාගේ විශ්මයට හේතු විය.

“කොහොමද අඳුරගත්තෙ?”

“ඔයා කතා කරන විදිහෙන් තමයි. දැන් කොහොමද රටේ තොරතුරු? යුද්ධෙ නම් ඉවරයි නේද?” ඒ වනවිට යුද්ධය අවසානවී මාසයක් පමණ ගතවී තිබුණි.

“ඔව් යුද්ධෙනම් ඉවරයි. ඒක ලොකු දෙයක්”

එතැන් සිට අප දෙදෙනාගේ කතාබහ රටේ නොයෙකුත් දෑගැන යොමුවිය. අපේ රට ගැන ඔහු දැන සිටි දෑ මා පුදුමයට පත් කළේය. ගාල්ල, අනුරාධපුර, සීගිරිය වැනි ස්ථාන පිළිබඳව පිටරැටියෙකු වශයෙන් ඔහු සතු වූයේ හසල දැනුම් සම්භාරයකි.

“ලංකාව” කියන රටට සිංගප්පූරුවෙ අය ගොඩක් කැමතියි; විශේෂයෙන් වැඩිහිටි කට්ටිය. සිංගප්පූරුව දියුණුවෙන කාලෙ ඒ අය බලාපොරොත්තු වුනේ ලංකාව තරම්වත් දියුණු වෙන්න කියල තමයි මම අහල තියෙන්නෙ”

“ඔයා කොහොමද ඔච්චර අපේ රට ගැන දන්නෙ?” මෙපමණ වේලාවත් සිතේ තිබූ ප්‍රශ්නය එළියට දැමුවෙමි.

සිනාසුණු ඔහු “මම සිලනීස් (Ceylonese) කෙනෙක්!”

“මම දන්න විදිහට නම් සිලෝන් (Ceylon) කියන්නෙ 1972ට කලින් ලංකාව හඳුන්වපු නම.”  ඒ මමය.

“ඔව්. මගෙ සීයා ලංකාවෙ එක්කෙනෙක්. ගම්පොළ කියල තැනක් ගැන අහල තියෙනවද? එහෙ තමයි ඉඳල තියෙන්නෙ. මම ඉපදුනේ සිංගප්පූරුවෙ. මගෙ අම්ම මැලේ; තාත්ත සිලනීස්; මමත් සිලනීස්!”

“සිලෝන් කියන නම ශ්‍රී ලංකා කියල වෙනස් වුනාට පස්සෙ ඇයි ඔයාල ශ්‍රී ලංකන් (Sri Lankan) කියල කියන්නෙ නැත්තෙ?”

“ඒක නම් හරියටම කියන්න දන්නෙ නැහැ. මම හිතන්නෙ නම වෙනස් වෙන්න කළින් ආපු නිසා වෙන්න ඇති. හැබැයි සිංගප්පූරුවෙ මුස්ලිම් ආගම අදහන සිලනීස් අය වගේම හින්දු ආගම අදහන දමිළ සිලනීස් අයත් ඉන්නව”

කතාවෙන් කතාවෙන් මගේ ගමනාන්තයට ළඟාවී තිබිණි. අදාල ගාස්තුව ගෙවූ මම

“මෙච්චර කතා කරලත් ඔයාගෙ නම අහගත්තෙ නැහැනෙ!”

“මම මොහොමඩ් නාසික්; ඉන්නෙ Bedok වල”

“මම මධුරංග; අඳුනා ගන්න ලැබිච්ච එක බොහොම සතුටුයි”

“සිංගප්පූරුවෙ ගොඩක් වෙලාවට ටැක්සි එලවන්නෙ තමුන්ගෙ රැකියාවෙන් විශ්‍රාම ගත්ත මැදි වයසෙ කට්ටිය; එහෙම නැත්නම් වයසක කට්ටිය; මේ රට දියුණුවෙන හැටි දැක්කෙ ඒ අය. අහල බලන්න, ඒ අයට ගොඩක් දේවල් ගැන කතා තියෙනව කියන්න.”

අහසින් පොළොවට
Changi Airport Control Tower

මාත් මාගේ මිතුරාත් රැගත් Cathay Pacific ගුවන් සේවයට අයත් ගුවන් යානය සිංගප්පූරුවේ චංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවන විට යාන්තමින් එළිය වැටෙනවා පමණි. ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර අදාල ගුවන් පථය සහ ගොඩ බැස්සවිය යුතු දිශාව තෝරා ගැනීම සඳහා ගතකළ වේලාව තුළදී ජනේලයක් ළඟ ආසනයක සිටි මාහට තව ස්වල්ප මොහොතකදී පය තබන ලෝකයක් වර්ණනා කරන මේ නගරයේ, මේ රටේ මනස්කාන්ත දර්ශනයක් දැකගන්නට ලැබුණි. ඉදිරියට ගත කිරීමට තිබෙන ජීවිතය, මුණගැසෙන, කතාකරන, ආශ්‍රය කරන්නට ලැබෙන මිනිසුන්  කෙබඳු වේද? නිශ්චිත පිළිතුරු නොවිණි. මේ ගුවන් තොටුපොළ අප ගතකරන්නට සැරසෙන ජීවිතයේ එක්තරා සුවිශේෂ තැනක් වීමට නියමිත බව කිසිලෙසකත් නොදැනුනේ, ඒ අවස්ථාවේදි අප අත්දකිමින් සිටි අපූර්වත්ය නිසා වියයුතුයැයි මම සිතේ.

1981දී විවෘත කරන ලද මේ ගුවන්තොටුපොළ 2006 වනවිට පර්යන්ත 3කින්  හා තවත් Budget පර්යන්තයකින් සමන්විත අති නවීනතම ගුවන්තොටුපළක් බවට පත්විය. වර්ෂ 2007දී පමණක් “හොඳම ගුවන් තොටුපොළ සම්මාන” 19ක් දිනා ගැනීමට සමත්වූ මෙම ගුවන්තොටුපොළ මාගේ ජීවන අත්දැකීම් වලට අනුව ඉතාමත් සුහදශීලී, කාර්යක්ෂම කාර්යය මණ්ඩලයකට හිමිකම් කියන අතර පරිහරණය කිරීමට ඇති පහසුව ( accessibility) අතින් ඉතා විශිෂ්ඨ ස්ථානයක පසු වෙයි;  බසයෙන්, MRT දුම්රියෙන් හෝ කුළී රථයකින් යන ඕනෑම ක්‍රමයකින් ළඟා විය හැකි අතර පිරිසිඳුකම අතින් ඉතා ඉහළය.

අතරමංවී සිටි සිහින ලෝකයෙන් මිදී, ආගමන විගමන අවුළු පසුකර, අදාල ගමන්මළු රැගෙන අප කැටුව යාමට පැමිණ සිටි මාලක අයියාත් සමඟ කුළී රථයක නැඟී නවාතැන් ගැනීමට නියමිත මහල් නිවස (Apartment) පිහිටි Pasir Ris වෙත ගමන් කලෙමු. මෙතැන් සිට සටහන් කරන්නට යෙදෙන්නේ එසේ ආරම්භ කරන්නට යෙදුන ජීවිතය තුළ එදිනෙදා හමුවු, මුණගැසුණු, කතා බස් කල මිනිසුන්, දැක හැඳිනගත් ස්ථාන සහ අසා දැන ගත් දෑ තුළින් මා අත්දුටු පරසිඳු පුරවරක කයිවාරුවයි.

හපන්කම්, මෝඩකම් සහ පුරසාරම් දොඩන්නට
Singapore

හා හා පුරා මධුරංගයි, මකරයි සෙට් වෙලා අළුත් බ්ලොග් එකක් පටන් ගන්න තමයි හදන්නෙ. උත්සාහයෙන් ජයගත් නගරයක් විදිහට ලෝකෙම ප්‍රසිද්ධ සිංගප්පූරුවෙ ගත කරන/කළ ජීවිතයේදී අපේ ජීවිතවලට සමීප වෙච්ච මිනිස්සු, තැන්, අහන්න දකින්න ලැබිච්ච කයි කතන්දර කට්ටියත් එක්ක බෙදා හදාගන්න තමයි අපේ උත්සාහය. තව කවුරු හරි අපේ බ්ලොග් එකට දායක වෙන්න කැමතිනම් සාදරයෙන් පිළිගන්නව කියලත් කියන්න ඕනෙ.